Wednesday, September 25, 2024

General line - 0115112241

ඇමති ධූරයෙන් යන්න වුණු විජේදාසට පාර්ලිමේන්තුවේ ඉන්න දෙන තැන මෙන්න




අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු විජේදාස රාජපක්ෂට පාර්ලිමේන්තුවේ මීළඟ සභා වාරයේ සිට පසුපෙළ අසුනක් හිමි වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසනවා.

අමාත්‍ය ධුරය දරණ සමයේ ඔහුට හිමිව තිබුණේ ආණ්ඩු පක්ෂයේ 34 වන ආසනයයි. අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමග ඔහු ආණ්ඩු පක්ෂයේ 93 වන ආසනය දක්වා පසුපසට යනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි වැඩිදුරටත් කියා සිටියා.

අදාළ ආසනය පිහිටා ඇත්තේ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ආසන පෙළෙහි අවසානයේයි. 

මේ අතර විජේදාස රාජපක්ෂගෙන් පුරප්පාඩු වන අධිකරණ අමාත්‍ය ධුරය අමාත්‍ය තලතා අතුකෝරළට හිමිවනු ඇතැයි නෙත් නිවුස් ඊයේ (23) අනාවරණ කළා.

ඇය දැනට කටයුතු කරන්නේ විදේශ රැකියා අමාත්‍ය ධුරයේයි. අධිකරණ අමාත්‍ය ධුරය සඳහා ඇගේ දිවුරුම් දීම බොහෝ දුරට අද (24) සිදු වනු ඇතැයි ද වාර්තා වනවා.  

විජේදාස රාජපක්ෂ දැරූ බුද්ධශාසන අමාත්‍ය ධුරය හිමිවනු ඇති බව පැවසෙන්නේ රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීරටයි. ඔහුද බොහෝ දුරට අද දිනයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි කියා සිටියා.