Wednesday, September 25, 2024

General line - 0115112241

විජේදාසට ලැජ්ජ හිතෙන්න ඕන කාරණාව එජාපයෙන් මතක් කරයි




අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු විජේදාස රාජපක්ෂ කළ චෝදනා කිහිපයකට ආණ්ඩුව ඊයේ (24) රාත‍්‍රියේ පැවැත්වූ හදිසි මාධ්‍ය හමුවකදී ප‍්‍රතිචාර දැක්වූවා.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සඳහන් කළේ "අරලිය ගහ මන්දිරයට නීතිපතිතුමාව ගෙනල්ලා...නීතිපතිතුමාට හොඳටම බැණ වැදුණයි කියනවා..අමූලික බොරු චෝදනාවක් ඒක.. ඔය දැන් දුකට කියන කතා." යනුවෙනි. 

විජේදාස රාජපක්ෂ කර ඇති තවත් ප‍්‍රකාශයක් වන්නේ වත්මන් කැබිනට් මණ්ඩලයේ තවදුරටත් සිටීම තමන්ට ලැජ්ජා සහගත බවයි. නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ඊට ද ප‍්‍රතිචාර දැක්වූවා.

"එතුමට කැබිනට් මණ්ඩලය තුළ ඉන්න එක ලැජ්ජාවට කරුණක් බව තේරුම් ගන්න..ජනාධිපතිතුමා විසින් එතුමාව අස්කරනකම්ම ඉන්න ඕනෙද?...හදිසියෙවත් අස් නොකළා නම් ඒ ලැජ්ජාව හංගගෙන ඉන්නවාද?...එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය එතුමා පිළිබඳ විශ්වාසයක් නැති බවට ඒකමතිකව යෝජනාවක් සම්මත කළ අවස්ථාවේදී තමයි එතුමට ලැජ්ජ හිතෙන්න ඕනේ."

කිසියම් චෝදනාවක් ඇත්නම් වගකිව යුත්තන්ගේ නම් සඳහන් කර ඍජුව ඉදිරිපත් කරන්නැයි විජේදාස රාජපක්ෂගෙන් මෙහිදී ඉල්ලීමක් ද කෙරුණා.