Wednesday, September 25, 2024

General line - 0115112241

ඇමති ධූරයෙන් ඉවත් කළත් විජේදාසව ඉවත් කරන්න බැරි තවත් ධූර තිබේ




විජේදාස රාජපක්ෂ, අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණද ව්‍යවස්ථාදායක සභාවේ ඔහු දරන ධූරයෙන් ඉවත් කළ නොහැකි බව දේශපාලන ආරංචි පවසනවා.

ඔහු ව්‍යවස්ථාදායක සභාවේ සිටින්නේ අග‍්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙසයි.

මීට අමතරව විජේදාස රාජපක්ෂ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ ද සාමාජිකයෙක්. අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණ ද මෙම ධූරයෙන් ද ඔහු ඉවත් කළ නොහැකි බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

විජේදාස රාජපක්ෂගේ මෙම පත්වීම් අවලංගු වන්නේ ඔහු ඒවායෙන් ඉල්ලා අස්වුවහොත් පමණයි. ඊට අමතරව කිසියම් අසනීප තත්ත්වයක් හෝ අබලතාවක් ඇතිවුවහොත් පමණක් විජේදාස රාජපක්ෂ අදාළ ධූරවලින් ඉවත් කල හැකි බව දේශපාලන විචාරකයින් පැවසුවා.