Friday, October 18, 2024

General line - 0115112241

විරෝධතා මැද අන්තර්ජාලය ඔස්සේ රයිනෝ අං වෙන්දේසියක්




අන්තර්ජාලය ඔස්සේ ‘‘රයිනෝ අං’’ වෙන්දේසියක් ආරම්භ වී තිබෙනවා.

දකුණු අප‍්‍රිකාවේ සිට මෙම වෙන්දේසිය සිදු කෙරෙන බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ. 

‘‘ රයිනෝ අං’’ මෙලෙස වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් පරිසරවේදීන් විරෝධය පළ කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැනි වෙන්දේසි මගින් රයිනෝ දඩයක්කරුවන් තවත් දිරිගැන්වෙන බවයි.

එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියක් මගින් රයිනෝ අං වෙළඳාමට ජාත්‍යන්තර තහනමක් ද පනවා තිබෙනවා.

කෙසේ වෙතත් දකුණු අප‍්‍රිකාවේ දී රයිනෝ අං මිලට ගැනීමට හැකියාව පවතින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

එහෙත් ජාත්‍යන්තර තහනම නිසා රයිනෝ අං දකුණු අප‍්‍රිකාවෙන් පිටතට ගෙනයාම නීතිි විරෝධි බව නීතිවේදීන් පෙන්වා දෙනවා. 

ජාවාරම්කරුවන් අතර රයිනෝ අං අලෙවි වන්නේ කිලෝග‍්‍රෑම් 01ක් අමෙරිකානු ඩොලර් දස ලක්ෂයකටත් වැඩි මිලකටයි.