Wednesday, September 25, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරකින් 06ක් රෝහලේ - අයෙක් මරුට




දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම කිලෝමීටර 55.4 එල් කණුව ආසන්නයේදී අද (24) පෙරවරුවේ මාරක අනතුරක් සිදු වුණා.

කොළඹ දෙස සිට මාතර දෙසට ගමන් ගත් වෑන් රථයක් එම දෙසටම ගමන් ගත් ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී රියදුරුට වෑන් රථය පාලනය කර ගැනීමට නොහැකිව ලොරි රථයේ ගැටී තිබෙනවා.

පසුව රථය මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ ගැටී ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබෙනවා.

සිදුවූ අනතුරෙන් වෑන් රථයේ රියදුරු ඇතුළු 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

රෝහලට රැගෙන යමින් සිටියදී වෑන් රථයේ රියදුරු මිය ගොස් ඇති බවද පොලිසිය සඳහන් කළා. ඔහු වයස අවුරුදු 45ක් වූ හේවදේව බන්දුල නැමැති බොරලැස්සවත්ත, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.