Wednesday, September 25, 2024

General line - 0115112241

සහල්වල පාලන මිල ඉවත් කළ හේතුව පැහැදිළි කරයි




සහල් අලෙවිය සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමත් සමග වෙළඳුන් වැඩි මිලකට සහල් අලෙවි කරන බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා. 

මේ වනවිට බොහෝ සහල් වර්ගවල මිල කිලෝ ග‍්‍රෑම් එකක් රුපිියල් සියය දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔවුන් කියා සිටියේ. 

මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවට තමන් කල් ඇතිවම අනතුරු අඟවා තිබූ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කළා.

පාලන මිල ඉවත් කිරීම පිළිබඳ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් පාරිභෝගික අධිකාරියෙන් ද විමසීමක් කළා.

එහි සභාපති හසිත තිලකරත්න සඳහන් කළේ "ඔය තීරණය ගැන මම කතාකරන එක හරි මදි. ඒක කැබිනට් ජීවන වියදම් කමිටුවේ තීරණයක්.  කැබිනට් මණ්ඩලයෙත් අනුමැතිය ලැබුණට පස්සෙයි අපි ඒක කරේ. ලෝක වෙළඳපොලේ සහල් මිල ඉහළ යෑම, බොහෝ රටවල් සහල් අපනයනය කිරීම නැවැත්වීම සහ මෙරට වියළි කාලගුණය නිසා සහල් අස්වැන්න විනාශ වීම යන කරුණු මත පදනම්ව තමයි මේ තීරණය ගත්තේ". යනුවෙනි.