Wednesday, September 25, 2024

General line - 0115112241

20 වන සංශෝධනය ඌවේ දී පරදී




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සඳහා වූ කෙටුම්පත ඌව පළාත් සභාවේ දී අද (24) පරාජය වුණා.

සියලු පළාත් සභාවල මැතිවරණ එකම දිනක දී පැවැත්වීමට විධි විධාන සැලසෙන්නේ ද මෙම පනත් කෙටුම්පතෙන්.

ඊට පක්ෂව ඌව පළාත් සභාවේ දී ලැබී ඇත්තේ ඡන්ද 05ක් පමණයි.

විපක්ෂව ඡන්ද 12ක් ප‍්‍රකාශ වී තිබෙනවා. මන්ත‍්‍රීවරුන් 08 දෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මෙම කෙටුම්පත පෙරේදා (22) උතුරුමැද පළාත් සභාවේදී සම්මත වුණා. එය පාර්ලිමේන්තුවට ඊයේ (23) ඉදිරිපත් කෙරුණා.