Wednesday, September 25, 2024

General line - 0115112241

ජනපති - අගමැති ඊයේ කළ සාකච්ඡාවෙන් නව ඇමතිවරු දෙන්නා අද පත් කරයි




අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරවල නව අමාත්‍යවරුන් දිවුරුම් දීම අද (25) සිදු කෙරෙනු ඇතැයි වාර්තා වනවා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (24) දහවල් පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළඹි බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව බුද්ධශාසන අමාත්‍ය ධුරයේ, තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා දිවුරුම් දෙනු ඇති.

කෙසේ වෙතත් මීට පෙර එම අමාත්‍ය ධුරය සඳහා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීරට හිමිවනු ඇති බවට ඉකුත්දා මාධ්‍ය වාර්තා පළ වුණා.

අධිකරණ අමාත්‍ය ධුරයේ, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. 

අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජයදාස රාජපක්ෂ එම ධුරවලින් ඉවත් කිරීමත් සමග අදාළ අමාත්‍ය ධුර පුරප්පාඩුව පැවතියා.