Wednesday, September 25, 2024

General line - 0115112241

කිලිනොච්චියේදී හමුදා නිලධාරීන්ව කැපූ 06ක් අල්ලයි (UPDATE)

රොමේෂ් මධුෂංඛ




කිලිනොච්චිය උට්ට්‍රපුලම් ප්‍රදේශයේදී යුදහමුදා සෙබලුන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අද (25) උදෑසන වන විට අත්අඩංගුවට ගැනීමට කිලිනොච්චිය පොලීසිය සමත් වුණා.

කිලිනොච්චිය මුරුගණ්ඩි යුදහමුදා කඳවුරේ සහයක සේවා වශයෙන් යුදහමුදාවට එක් වූ දමිළ සෙබලුන් දෙදෙනෙකු නිවාඩු ලබා නිවසට යාමෙන් පසුව ඊයේ (24) රාත්‍රියේ උට්ට්‍රපුලම් ප්‍රදේශයේ වෙළඳසැලක් ආසන්නයේ මොවුන් තවත් තරුණයින් පිරිසක් සමග බහින් බස් වීමක් සිදුව තිබෙනවා.

පසුව බහින්බස්වීම දුර දිග යාමෙන් එම් ස්ථානයේ සිටි තරුණයින් පිරිසක් විසින් අදාල දමිළ යුද හමුදා සෙබලුන් දෙදෙනාට පහර දී ඇති අතර එම පහර දීමේදී තියුණු ආයුධයකින් සිදු කළ කැපීම් හේතුවෙන් ඔවුන්ට බරපතල තුවාල සිදු වුණා.

අනතුරුව අදාල පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කළ කිලිනොච්චිය පොලීසිය විසින් පහරදීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල පහර දීම දෙපිරිස අතර වූ පෞද්ගලික ආරවුලක් මත සිදු වූවක් බවට අනාවරණය කරගෙන තිබෙනවා.
 

----------------------

කල්ලියක් ඇවිත් කිලිනොච්චියේදී හමුදා නිලධාරීන්ගේ වම් අත් කපයි

(2017 08 25 06:44)

(මාධව කුලසූරිය)

නාඳුනන පිරිසක් පැමිණ ඊයේ (24) රාත්‍රියේ දී යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු කපා කොටා තුවාල සිදු කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ නිලධාරීන් දෙදෙනාගේ වම් අත් කපා දමා ඇති බවයි. කිලිනොච්චිය උට්ට‍්‍රපුලම් ප‍්‍රදේශයේ දී මෙම සිද්ධිය ඇතිව තිබුණා.

තුවාල ලැබූ යුද හමුදා නිලධාරීන් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර  ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙය සංවිධානාත්මක අපරාධ කල්ලියක ක‍්‍රියාවක් බවට පොලිසිය සැක පළ කරනවා.