Wednesday, September 25, 2024

General line - 0115112241

විශේෂ අධිකරණ ගේන්න උත්සහ කරන්න එපා ලු




එක් කොට්ඨාසයක් ඉලක්ක කර විශේෂ අධිකරණ පිහිටුවා නඩු විභාග කිරීමට නීතිමය ප‍්‍රතිපාදන නොමැති බව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

එසේ කිරීමට රජය උත්සහ දරන්නේ නම් ඊට සිය නීතිඥ සංගමය විරෝධය පළ කරන බවයි එහි සභාපති, නීතිඥ යූ ආර් ද සිල්වා කියා සිටියේ.

විශේෂ අධිකරණ පිහිටුවා ඇතත් ඒවා ආසර්ථක බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ යූ ආර් ද සිල්වා සඳහන් කළේ "මේ සම්බන්ධයෙන් ඉතිහාසය ගත්තාම.. මුලින්ම තීරණය කෙරුණේ තනි අධිකරණයක් හැටියට ක්‍රියා කිරීමටයි. ඒත් පුද්ගල කණ්ඩායමකට නෙමෙයි..විෂය බද්ධවයි. විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තමයි ඒ අදහස ආවේ. ඒක වෙනම අධිකරණයක් ලෙස වෙනම ස්ථානයකත් පවත්ව ගත්තා..ඒක අසාර්ථක වුණා. ඊට පස්සේ ආපු අදහසක් තමයි..අල්ලස් නඩු වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවලා කරන්න ඕනේ කියලා.. උසාවි 07 ක් තිබියදී තනි උසාවියකට යොමු කර තිබීම තුළ ඒක අසාර්ථක වුණා. ඊටත් පස්සේ LTTE නඩු සම්බන්ධයෙන් මේ මතය ආවා. වාණිජ අධිකරණය පැත්තකින් තියලා ඒක කරා..පස්සේ ඒකත් අසාර්ථක වුණා. දැන් මේ සියල්ල සාමාන්‍ය ආකාරයටයි අහගෙන යන්නේ." යනුවෙනි.