Wednesday, September 25, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් නිසා කල් තැබේ




පාර්ලිමේන්තුව විනාඩි 10 ක් සඳහා හදිසියේ කල් තැබීම සිදු වුණා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීමේ දී පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබීම ඊට හේතුවයි.

මේ අතර නව දේශීය ආදායම් පනත අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එය ඉදිරිපත් කිරීමද කල් දමා තිබෙනවා.

ඒ අනුව එළඹෙන 30 වැනිදා දක්වා මෙය කල්දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ නව දේශීය ආදායම් පනත විවාදයට නොගෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනතට අදාළ සංශෝධන සම්මත කර ගැනීමටයි තීරණය කර තිබුණේ.

අද දිනට නියමිතව තිබූ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න වාරයද අවලංගු කළ බවයි කතානායක කරූ ජයසූරිය සභාවට දැනුම් දුන්නේ.

කෙසේවෙතත් දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර මෙම පනත් කෙටුම්පතට ඒකාබද්ධ විපක්ෂය ඡන්දය දීමෙන් වැලකී සිටින බව ප්‍රකාශ කරමින් සිය සංශෝධන ඉදිරිපත් කරන්නට කටයුතු කළා.

ඊට එකඟ නොවූ ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලා සිටියේ සභාව විනාඩි 10 කට කල්තබා පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙසයි.