Wednesday, September 25, 2024

General line - 0115112241

රට පුරා ගුවන් සේවා සම්පූර්ණයෙන් අකර්මන්‍ය කරන බවට අනතුරු අඟවයි

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




තම ඉල්ලීම් නොසලකා හැර වෘත්තීය සමිති මර්ධනය කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් ගුවන් සේවා සම්පුර්ණයෙන්ම අකර්මන්‍ය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන් තොටුපළ ශාඛාවන් හී සභාපති එම.ඩබ්ලිව්.පි. මොහන්දිරම් පෙන්වා දෙනවා.

හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ මත්තල ගුවන් තොටුපළ විදේශකරණය කිරීම නවත්වන ලෙස රජයට බර කරමින් මත්තල ගුවන්තොටුපොළ සේවක සේවිකාවන් දැනුවත් කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍යහමුවකදීයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම.ඩබ්ලිව්.පි. මොහන්දිරම් සඳහන් කළේ, මත්තල ගුවන් තොටුපළ විදේශීය රටකට විකිණීමට, ප්‍රතිව්‍යුහගත කිරීමකට, ව්‍යාපාරික කටයුත්තකට කුමන හෝ ව්‍යාපාරිකයෙකුට පැවරීම සඳහා මේ වන විට කැබිනට් අනුමැතිය  ලැබී ඇති බවයි.

වැඩකරන ජනතාව ලෙස මේ කාරණාව දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් කිසිඳු ජාතික සම්පතක් කුමන හෝ ආකාරයකට විදේශීයකරන කිරීම නිදහස් සේවක සංගමය කිසිසේත් අනුමත නොකරන බවත් සඳහන් කළා.

ඕනෑම රටකට විකල්ප ගුවන් තොටුපළක් තිබිය යුතුයි යන්න ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර ආයතනද පිළිගෙන තිබෙන බවද ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන්තොටුපොළ ශාඛාවන් හී සභාපති එම.ඩබ්ලිව්.පි. මොහන්දිරම් පැවසුවා.  

එමෙන්ම මත්තල ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට අනියුක්තව සේවකයින් 493 දෙනෙකු සේවය කරන අතර ශ්‍රී ලන්කන් හී සේවකයන් 250 ක එකතුව සේවක ආනාරක්ෂිත බවක් රජයේ කැබිනට් තීන්දුවත් සමග ඇතිවී තිබෙන බවද ඔහු පෙන්වා දෙනවා.