Wednesday, September 25, 2024

General line - 0115112241

උසස් පෙළ ප‍්‍රශ්න පත‍්‍ර දෙකක් කල් යයි 




මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයේ කාල සටහනේ සංශෝධනයක් සිදු කර තිබෙනවා. 

ඒ අනුව, සැප්තැම්බර් 02 වැනි දා පැවැත්වීමට තිබූ සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දෙවන කොටස ප‍්‍රශ්න පත‍්‍රය සැප්තැම්බර් 04 වැනි දා දක්වා කල් දැමෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. 

නව කාල සටහනට අනුව සාමාන්‍ය පොදු පරීක්ෂණය සැප්තැම්බර් 04 වැනි දා පෙරවරු 08.30 සිට 11.00 දක්වා පැවැත්වෙනු ඇති. 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දෙවන කොටස ප‍්‍රශ්න පත‍්‍රය එදිනම පස්වරු 12.30 සිට 03.30 දක්වා පැවැත්වෙනවා. 

සැප්තැම්බර් පළමුවැනිදාට යෙදී තිබුණු ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය සැප්තැම්බර් මස 02 වන දා පැවැත්වීමට තීරණය වී ඇති නිසා මෙම සංශෝධනය සිදු කෙරුණු බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.