Wednesday, September 25, 2024

General line - 0115112241

ඥාණසාර හිමිට එරෙහි නඩුවක් කල් යයි




වැලිකඩ ප‍්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය නිවාරණ රාජකාරියක නිරත වූ පොලිස් නිලධාරීන්ට බාධා කළ බවට බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පවරා ඇති නඩුවක් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී අද (25) කැඳවනු ලැබුවා. 

ඉදිරි නීතිමය කටයුතු සඳහා උපදෙස් ලබා ගැනීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන උදෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය එහි දී කියා සිටියේ. 

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව බී වාර්තා මගින් වරින් වර විවිධ චෝදනා ඉදිරිපත් කිරීම නිසා නඩුව පවත්වාගෙන යා යුත්තේ කුමන චෝදනාවක් යටතේ දැයි නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙස අධිකරණය සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට මීට පෙර නියෝග කර තිබුණා. 

මෙම නඩුව ලබන දෙසැම්බර් 15 වැනි දා නැවත කැඳවීමට නියමිතයි.