Wednesday, September 25, 2024

General line - 0115112241

20 වන සංශෝධනයට එරෙහිව ගම්මන්පිල පෙත්සමක් දමයි




පළාත් පාලන මැතිවරණය වසර දෙකහමාරක් තිස්සේ කල් දමන ආණ්ඩුව දැන් පළාත් සභා මැතිවරණ ද කල් දැමීමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා. 

ඔහු ඒ බව පැවසුවේ සියළු පළාත් සභාවල මැතිවරණ එකම දිනක පැවැත්වීමට විධිවිධාන සලස්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (25) පෙත්සමක් ගොනු කරමින්. 

අදාළ සංශෝධනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ 03න් 02ක බහුතරයට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවත් ප‍්‍රකාශ කරන්නැයි මෙමගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. 

අදාළ පෙත්සම මගින් නීතිපතිවරයා වගඋත්තරකරු ලෙස නම් කර තිබෙනවා. 

මේ අතර ප‍්‍රශ්නගත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය ඉකුත්දා ඌව පළාත් සභාවේ දී පරාජය වුණා. 

කෙසේ වෙතත් උතුරු මැද පළාත් සභාවේ දී එය සම්මත වුණා.