Wednesday, September 25, 2024

General line - 0115112241

බහුදින ධීවර යාත්‍රා සඳහා ගංජා ඇද්ද තරුණයෙකු අත්අඩංගුවට

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




තංගල්ල ධීවර වරායෙන්, ධීවර කර්මාන්තය සඳහා පිටව යන බහුදින ධීවර බෝට්ටුවල පුදගලයින් හට විකිණීමට ගෙනා ගංජා කිලෝ එකහමාරක ප්‍රමාණයක් සමග සැකකරුවෙකු ධීවර වරායේ ආපන ශාලාව අසලදී අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර අදාළ සැකකරු තණමල්විල ප්‍රදේශයෙන් රුපියල් දෙලක්ෂ හතලිස්දහසකට මෙම ගංජා කිලෝ එකහමාර ගෙනවිත් රුපියල් ලක්ෂ තුනක මුදලකට විකිණීමට යාමේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු බෙලිඅත්ත පුවක්දන්ඩාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක අයෙකු වන අතර ඔහු 26වනදා තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම වැටලීම තංගල්ල කොට්ටාශ විෂ මත්ද්‍රවය හා කොට්ටාශ දුෂණ මර්ධන ඒකකය විසින් සිදුකර තිබෙනවා.