Wednesday, September 25, 2024

General line - 0115112241

අද ඡන්දය නොදී වැළකුණ ආණ්ඩුවේ ඇමති මෙන්න 




පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතේ රාජ්‍ය නිලධාරීන්ට අදාළව දක්වා ඇති විධිවිධාන වලට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ සංශෝධනය සම්බන්ධයෙන් ඡන්ද විමසීමේ දී අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ සෙනවිරත්න ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැලකී සිටීම පාර්ලිමේන්තුවේ අද (25) බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ කරුණක් වුණා.  

සභාවේ සිටි ආණ්ඩු පක්ෂයේ සෙසු මැති ඇමතිවරුන් මෙම යෝජනාවට විපක්ෂවයි ඡන්දය ප‍්‍රකාශ කළේ. 

එසේ තිබිය දී ඊට ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේ මන්දැයි නෙත් නිවුස් අමාත්‍ය ඩබිලිඞ්.ඞී.ජේ සෙනවිරත්නගෙන් විමසීමක් කළා. 

ඔහු පැවසුවේ මෙම අවස්ථාවේ ඊට පිළිතුරක් ලබා දිය නොහැකි බවයි.