Wednesday, September 25, 2024

General line - 0115112241

 රයන් ජයලත්ගේ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප වෙයි 




වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන මස 07 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

ඒ පසුගිය දින පැවති පාගමන් දෙකක් පදනම් කර ගනිමින් ගොනුකළ නඩු දෙකක් අද (25) විභාගය ගත් අතර එම නඩු දෙක සඳහා පෙනී නොසිටි බවට චෝදනා එල්ල කරමින්. 

එහි දී ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම ද මහේස්ත‍්‍රාත්වරිය විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. 

පසුගිය දින සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුල්වී රාජ්‍ය දේපලවලට හානිකල බවට චෝදනා කරමින් රයන් ජයලත් රක්ෂිත බන්ධනාගාරවයි පසුවන්නේ. 

එම නඩුව ද යළි කැඳවීම අද දිනට යෙදී තිබුණ ද එම නඩුව මෙතෙක් කැඳවා නැහැ.