Wednesday, September 25, 2024

General line - 0115112241

පන්නෙයි පාලම අසළ දී බෝට්ටුවක් පෙරළීමෙන් පිරිසක් දියේ ගිලෙයි - අයෙක් මරුට




යාපනය කලපුවේ පන්නෙයි පාලම අසළ දී පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළී අනතුරකට පත්ව තිබෙනවා. 

පොලිසිය පැවසුවේ එම අනතුරෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි. 

කුඩා දරුවෙකු ඇතුළු කාන්තාවන් පස් දෙනෙකු ද දියේ ගිලී ඇති අතර නාවික හමුදාව හා ධීවරයින් එක්ව ඔවුන් බේරාගෙන තිබෙනවා. 

ගුරුසඞ් දූපතේ දේවස්ථානයක පූජාවක් වෙනුවෙන් පුද්ගලයිින් රැගෙන ගිය බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.