Sunday, September 8, 2024

General line - 0115112241

දූෂණ චෝදනා ලත් තායිලන්ත හිටපු අගමැති තීන්දුවට පෙර රටින් පිටවෙයි




දූෂණ චෝදනා ලබා සිටින තායිලන්තයේ හිටපු අග‍්‍රාමාත්‍ය යින්ලක් ෂිනවත‍්‍රා එරටින් පිටව ගොස් ඇතැයි ඇයට සමීප ආරංචි උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසනවා. 

තමන්ට එරෙහිව අධිකරණයේ විභාග වන නඩුවක තීන්දුව ලබා දීමට පැය කිහිපයක් තිබියදී ඇය මෙලෙස රටින් පිටව ගොස් තිබෙන බවයි අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. 

ගොවින්ට ලබා දුන් සහනාධාරයක දී මූල්‍ය අක‍්‍රමිකතාවක් සිදු කළ බවට යින්ලක් ෂිනවත‍්‍රා චෝදනා ලැබ සිටිනවා. 

අදාළ නඩුවේ තීන්දුව ලබා දීමට නියමිතව තිබුනේ අද (25) දිනයේදීයි. එහෙත් අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් යින්ලක් ෂිනවත‍්‍රා අද නඩුවට නොපැමිණෙන බව ඇගේ නීතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්නා. 

ඒ බව සැලකිල්ලට ගත් අධිකරණය ඇය විසින් අධිකරණයේ තැන්පත් කර තිබූ අමෙරිකානු ඩොලර් ලක්ෂ 09ක ඇප මුදලක් රාජසන්තක කළ අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ද නිකුත් කළා.