Wednesday, September 25, 2024

General line - 0115112241

කතරගම දේවාලයේ නොසන්සුන්කාරී තත්වයට වගකිව යුත්තන් සොයා ගැනේ




ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඉකුත් 22 වනදා අළුයම ඇති වූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් දේවාලයේ කපු මහතුන් වගකිව යුතු බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර නෙත් නිවුස් කළ විමසීමක දී සදහන් කළේ ඔවුන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවයි. 

කතරගම දේවාලයේ යතුර භාරගැනීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ඉකුත්දා කළ විමසීමක දී බස්නායක නිළමේ ඩී.පී කුමාරගේ සදහන් කළේ තමන් ඒ පිළිබඳ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ද දැනුවත් කළ බවයි. 

කෙසේ වෙතත් එවැනි දැනුවත් කිරීමක් සිදු කළේ නම් මෙවැනි සිද්ධියක් වළක්වා ගැනීමට නොහැකි වූයේ මන්දැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගෙන් නෙත් නිවුස් ප‍්‍රශ්න කළා. 

එහිදී ඔහු සදහන් කළේ තමන් එවැනි කරුණක් සම්බන්ධයෙන් දැනුවත් නොවූ බවයි.