Wednesday, September 25, 2024

General line - 0115112241

නියඟය තිබුණත් එළවළු මිල අඩුවන හැටි 




වෙළඳපොළ සැපයුම අඩුවුවද මෙම දිනවල එළවළු මිල ගණන් සීඝ‍්‍ර ලෙස අඩු වී තිබෙනවා. 

නෙත් නිවුස් කළ සොයා බැලීමක දී හෙළි වුණේ පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් එළවළු සැපයුම ද සියයට 50කින් පමණ අඩු වී ඇති බවයි. 

කෙසේ වෙතත් පාරිභෝගිකයින් අත මුදල් නොමැතිවීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බවයි මැනිං පොදු වෙළඳ සංගමයේ උප භාණ්ඩාගාරික එච්.එම් උපසේන පැහැදිලි කළේ. 

එළවළු වර්ග කිහිපයක් වෙළඳපොලේ අලෙවි වන මිල ගණන් සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කෙරුණා. 

ඔහු කියා සිටියේ සමස්ථයක් වශයෙන් ගත්තම කිසිම එළවළුවකට රුපියල් 100 ඉක්මවපු මිළක් නෑ. මාළු මිරිස් රුපියල් 40-50යි, කැරට් රුපියල් 50-60-70යි, ගෝව රුපියල් 25-30-40යි,බෝංචි රුපියල් 80-100යි අතර වගේ. සැපයුම් වේලාවක් තියෙන වේලාවක මීට වඩා ලොකු මිළක් අපි බලාපොරොත්තු වෙනවා.