Wednesday, September 25, 2024

General line - 0115112241

අගමැති අද  ශ‍්‍රී මුකාම්බිකා කෝවිලේ 




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (26) ඉන්දියාවේ කොල්ලූර්හි ශ‍්‍රී මුකාම්බිකා කෝවිලේ පැවැත්වෙන විශේෂ ආගමික උත්සවයකට සහභාගී වීමට නියමිතයි. 

ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කළේ අද පෙරවරුවේ බැංගලෝර් වෙත පැමිණෙන අග‍්‍රාමාත්‍යවරයා එහි සිට ගුවන් යානයකින් කොල්ලූර් වෙත පැමිණෙන බවයි. 

පෙරවරු 11.00ට මෙම ආගමික උත්සවය ආරම්භ කෙරෙනවා. 

ඉන් අනතුරුව අද දිනයේම අග‍්‍රාමාත්‍යවරයා යළි දිවයිනට පැමිණෙනු ඇති. 

ඉන්දීය දේව සම්ප‍්‍රදාය අනුව සරස්වතී දේවිය සහ ඇයගේ තවත් වේශයක් ලෙස සැලකෙන දුර්ගා දේවිය වෙනුවෙන් මෙම කෝවිල ඉදිකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.