Wednesday, September 25, 2024

General line - 0115112241

මැතිවරණ සාමාන්‍ය පෙළ විභාගයට පෙර පැවැත්විය හැකියි - මහින්ද දේශප‍්‍රිය




පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත වුවත් එය නීතියක් බවට පත්වීමට නම් කථානායකවරයා ඊට අත්සන් තැබිය යුතු බව මැතිවරණ කොමිසම පවසනවා. 

සැප්තැම්බර් 15 වැනිදාට පෙර කථානායකවරයා ඊට අත්සන් තැබුවහොත් පළාත් පාලන මැතිවරණය සාමාන්‍ය පෙළ විභාගයට පෙර පැවැත්වීමට හැකි වනු ඇති බවයි එහි සභාපති මහින්ද දේශප‍්‍රිය කියා සිටියේ. 

එසේ නොවුනහොත් එම මැතිවරණය ජනවාරි මාසයට රැගෙන යාමට සිදු වනු ඇතැයි ද ඔහු පැවසුවා.