අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයට ප‍්‍රබල සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වෙමින් පවතිනවා.
විදෙස් පුවත් සේවා අනාවරණ කළේ සුළි කුණාටුවේ වේගය පැයට කිලෝමීටර් 130 ඉක්ම වන බවයි.
ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඇතැම් ප‍්‍රදේශවලට අධික වැසි ද ඇති වී තිබෙනවා.
කෙසේ වෙතත් සුළි කුණාටුව සහ අධික වැසි හේතුවෙන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.