Wednesday, September 25, 2024

General line - 0115112241

පලෙයි ප්‍රදේශයේ මෝටාර් උණ්ඩයක් පුපුරා යාමෙන් දෙදෙනෙකුට තුවාල




පලෙයි, මුහමාලේ ප්‍රදේශයේදී මෝටාර් උණ්ඩයක් පුපුරා යෑමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (25) දර කැඩීමට හා යුධ සමයේ අබලි යකඩ කොටස් එකතු කිරීමට ගිය කාන්තාවන් දෙදෙනෙකු මෙසේ තුවාල ලබා තිබෙනවා.

අබලන් යකඩ කොටස්, යකඩ ලෙසට විකිණීම සඳහා සූදානම් කොට පිරිසිදු කිරීමේදී පුපුරා නොගිය මෝටාර් උණ්ඩයක් පිපිරීමෙන් මෙම අනතුර සිදු වුණා. 

බරපතල තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.