Wednesday, September 25, 2024

General line - 0115112241

මිනුවන්ගොඩ දී එකම පවුලේ පියෙකු සහ පුතෙකු ඝාතනය කෙරේ 




මිනුවන්ගොඩ ගමන්ගෙදර ප‍්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී එකම පවුලේ පියෙකු සහ පුතෙකු ඝාතනය කර තිබෙනවා. 

දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අද (26) පෙරවරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. 

මෘත දේහ මිනුවන්ගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදු කිරීමට නියමිතයි. 

සිද්ධිය සම්බන්ධයෙන් එකම පවුලේ පියෙකු සහ පුතුන් දෙදෙනෙකු මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා.