Wednesday, September 25, 2024

General line - 0115112241

කලගෙඩිහේන ඉන්ධන පිරවුම්හලේ ගින්නට අත්අඩංගුවට ගත් දෙන්නා මෙන්න




කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව - කලගෙඩිහේන ඉන්ධන පිරවුම්හලේ ඊයේ (25) පස්වරු 2.00ට පමණ ගින්නක් හට ගත්තා.

 එහි දී ගිනි ගත් බවුසරයේ රියදුරු සහ සහායක මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ගම්පහ පොලීසිය සදහන් කළේ ඔවුන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. 

ඉන්දන භූගත ටැංකි වලට පොම්ප කිරිමේදී ගතයුතු ආරක්ෂක විධිවිධාන නිසියාකාරව අනුගමනය නොකර අවිධිමත් ලෙස බැහැර කිරීම නිසා මෙම ගිනි ගැනීම සිදුව ඇති බවටයි මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ. 

ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල කිසිවක් වාර්තා නොවුණු අතර, ඉන්ධන පිරවුම්හලට දැඩි හානි සිදුවී තිබෙනවා.