Wednesday, September 25, 2024

General line - 0115112241

මීළඟ මැතිවරණයේ තරුණයන්ට 'චාන්ස් නෑ'? - පළාත් පාලන  කෙටුම්පත අස්සේ රහසේම වූ දේ 




මැතිවරණ සඳහා වූ තරුණ නියෝජනය අහිමි කිරීමට ඊයේ (25) සම්මත වූ පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත මගින් සිදු කර ඇති බවට වාර්තා වන බව යුක්තිය උදෙසා තරුණ අවකාශය සංවිධානය සහ ඩිජිටල් තරුණ ජාලයේ කැඳවුම්කරු මංජුල සමරසේකර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණ නාම යෝජනා ප්‍රතික්ෂේප වීමේ ප්‍රවණතාව නැති කිරීම සඳහා දේශපාලන පක්ෂ එකතුව මේ සඳහා එකඟතාව පළ කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී තරුණයන්ට දේශපාලනයට පිවිසීමේ අවස්ථාව ඉතා අඩුවන බවයි යුක්තිය උදෙසා තරුණ අවකාශය සංවිධානය සහ ඩිජිටල් තරුණ ජාලයේ කැඳවුම්කරු මංජුල සමරසේකර අවධාරණය කරන්නේ.


වර්තමාන දේශපාලන ප්‍රවාහය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ කිසිවෙකුට තරුණයාට නිසි තැන ලබාදීමේ අවශ්‍යතාවක් නැති බව ඉන් පැහැදිලි වන බවයි ඔහු කියා සිටියේ.

 යුක්තිය උදෙසා තරුණ අවකාශය සංවිධානය සහ ඩිජිටල් තරුණ ජාලයේ කැඳවුම්කරු මංජුල සමරසේකර මේ සම්බන්ධයෙන් කළ මාධ්‍ය ප්‍රකාශය පහතින් සම්පුර්ණයෙන්ම ඇසිය හැකියි.