Wednesday, September 25, 2024

General line - 0115112241

මිනුවන්ගොඩදී පිය පුතු ඝාතනයේ සුළමුල හෙළිවෙයි ?




මිනුවන්ගොඩ ගමන්ගෙදර ප‍්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී එකම පවුලේ පියෙකු සහ පුතෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මිනුවන්ගොඩ රෝහලේ මෘත ශරීරාගයේ තැන්පත් කර ඇති මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) සිදු කරන බවයි. 

අද අළුයම බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇති වූ ආරවුලක දී මෙම ඝාතනය සිදුව තිබෙනවා. 

ගමන්ගෙදර ප‍්‍රදේශයේ නිවාස දෙකක පදිංචි දෙපිරිසක් අතර ගැටුම හටගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. 

ඝාතනය සම්බන්ධයෙන් එකම පවුලේ පියෙකු සහ පුතුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මූලික ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන් මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.