Wednesday, September 25, 2024

General line - 0115112241

භූගත නල මාර්ගයක් හරහා කටුනායක ගුවන් තොටුපළට ඉන්ධන ලබාදීමේ තීරණයක්




කටුනායක ගුවන් තොටුපළ වෙත ඉන්ධන ලබාදීම භූගත නල මාර්ගයක් හරහා සිදු කිරීමට ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ  අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. 

එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ දැනට මුතුරාජවෙල සිට කටුනායක දක්වා දුම්රිය මගින් ඉන්ධන ප‍්‍රවාහනය කෙරෙන බවයි. 

ඉල්ලුම වැඩි වීමත් සමග දුම්රියෙන් ඉන්ධන ප‍්‍රවාහනය කිරීම ප‍්‍රායෝගික නොවන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම දුම්රිය සේවක වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග සිදු වන අවස්ථාවල දී ද ඉන්ධන ප‍්‍රවාහනයට බාධා එල්ල වනවා. 

එවැනි කරුණු කිහිපයක් සැලකිල්ලට ගෙන කටුනායක දක්වා නල මාර්ගයක් සකස් කිරීමටයි තීරණය වී තිබෙන්නේ.