Wednesday, September 25, 2024

General line - 0115112241

කොරියානු භාෂා විභාගයට විකල්ප දිනයක්




අධික වැසි තත්ත්වය හේතුවෙන් කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සඳහා ඉදිරිපත්වීමට නොහැකි වූ අපේක්ෂකයන්හට විකල්ප දිනයක් ලබාදීමට කොරියානු මානව සම්පත් අංශය තීරණය කර තිබෙනවා. 

ඒ, අයදුම්කරුවන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්. 

අධික වැසි හේතුවෙන් තමන්ට විභාගය සඳහා සහභාගිවීමට නොහැකි බවත් එම නිසා ඊට වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් ඔවුන් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා. 

ඒ අනුව අදාළ අපේක්‍ෂකයන්ට ලැබෙන විකල්ප දිනයන් හා වේලාවන් ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.