Wednesday, September 25, 2024

General line - 0115112241

කතරගම දේවාලය ගැන විමර්ශන කරන්න බස්නායක නිලමේවරයා ඇතුළු පිරිස කොළඹට කැඳවයි




ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඉකුත්දා ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා දේවාලයේ බස්නායක නිලමේවරයා සහ කපු මහතුන් කැඳවා ප‍්‍රශ්න කරන බව බුද්ධ ශාසන අමාත්‍යංශය පවසනවා. 

එහි ලේකම් චන්ද්‍රපේ‍්‍රම ගමගේ නෙත් නිවුස් කළ විමසීමක දී කියා සිටියේ ලබන සඳුදා බුද්ධ ශාසන අමාත්‍යංශයට පැමිණෙන ලෙස ඔවුන්ට දැනුම් දීමක් සිදු කර ඇති බවයි. 

රුහුණු කතරගම මහ දේවාලයේ ප‍්‍රධාන යතුර බස්නායක නිලමේවරයා විසින් රැගෙන යාමත් සමග මෙම නොසන්සුන්කාරී වාතාවරණය ඇති වුණා. 

මේ නිසා එදින අළුයම පූජාව හෝ සිදු කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. 

සිද්ධිය සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනාරාල්වරයා විසින් අමාත්‍යංශ ලේකම්වරයාට වාර්තාවක් ද ලබාදුන්නා. 

එම වාර්තාවේ ඇතුළත් කරුණු මූලික කර ගනිමිනුයි ඉදිරි විමර්ශන සිදු කෙරෙන්නේ.