Thursday, September 26, 2024

General line - 0115112241

බන්ධනාගාර ඇතුළේ කළ මත විමසීමේදී වෙච්ච දේ




බන්ධනාගාර නිල ඇඳුම වෙනස් කිරීමට ගෙන ඇති තීරණයට බන්ධනාගාර නිලධාරීන් අකමැත්ත ප‍්‍රකාශ කර තිබෙනවා.

නිල ඇඳුම වෙනස් කළ යුතු බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබුණා.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කමිටුවක් ද පත් කෙරුණා.

එම කමිටුවේ අදහස වී ඇත්තේ ජේලර්, සැරයන් සහ බන්ධනාගාර නියාමකවරුන්ගේ නිල ඇඳුම වෙනස් කළ යුතු බවයි.

ඔවුන් සිදු කරන රාජකාරීන් අනුව නිල ඇදුම් වර්ග 05ක් හඳුන්වා දීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව රැඳවියන් අධිකරණය වෙත රැගෙන යාමේ දී නව නිල ඇදුමක් හඳුන්වා දීමටයි යෝජනා වී තිබුණේ.

නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරවල සමීක්ෂණයක් ද සිදු කෙරුණු අතර සෑම බන්ධනාගාරයකම තෝරාගත් විසි දෙදෙනෙකුගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමකට ඒ සම්බන්ධයෙන් මත විමසීමක් සිදු කෙරුණා.

මත විමසීමට ලක් කෙරුනු කණ්ඩායමට ජේලර්, සැරයන් සහ බන්ධනාගාර නියාමන තනතුරේ සිටින  නිලධාරීන් ඇතුළත්. එම සමීක්ෂණයේ සමස්ත ප‍්‍රතිඵලය අනුව සියයට 90ක්ම පවතින නිල ඇදුම වෙනස් කිරීමට ගෙන ඇති තීරණයට අකමැත්ත ප‍්‍රකාශ කර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.

කෙසේ වෙතත් බන්ධනාගර දෙපාර්තමේන්තුව නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් එකගතාවකට පැමිණ තැනි බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.