Thursday, September 26, 2024

General line - 0115112241

දිනපතා දඹුල්ලේ මහ ජල කඳක් අපතේ යනහැටි (PHOTOS)

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




විසල් දඹුල්ල සංවර්ධන වියාපෘති යටතේ ඉදිකර ඇති ප්‍රධාන ජල නළ පද්ධතිය දිනපතාම කැඩීයාම නිසා විශාල ජල ප්‍රමාණයක් අපතේ යමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.

අද (27) දිනයේදීත් අවස්ථා කිහිපයකදීම ජලය අපතේ යෑම සිදු වූ අතර, කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ජලාශ හන්දිය ප්‍රදේශයේදී ජල නලයක් කැඩි අඩි තිහක පමණ විශාල ජල කඳක් ඉහළට විදිමින් ප්‍රධාන මාර්ගයද අවහිර කරමින් පැයක පමණ කාලයක් ගලා ගොස් තිබෙනවා.

ජල කඳත් සමග විශාල ගල්කැබලිද ඉහළට විසි වී රථ වාහනවලට පවා පතිත විය. මේ හේතුව නිසා වාහන ගමනා ගමනයට පවා බාධා එල්ල වී තිබෙනවා.

විසල් දඹුල්ල සංවර්ධන වියාපෘතිය විවෘත කළ දා සිට මේ වනතුරු ජල පාරිභෝගිකයන්ට දඹුල්ල ජල යෝජනා ක්‍රමය යටතේ ජලය බිඳුවක් හෝ ලබාදීමට නොහැකි වී ඇති බවත්, දිනපතාම මේ ආකාරයෙන් නඩත්තු කටයුතු සිදුකරමින් විශාල මුදල් කන්දරාවක් මෙන්ම විශාල ජල ප්‍රමාණයක් අපතේ හරිමින් සිටින බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.