Thursday, September 26, 2024

General line - 0115112241

බන්ධනාගාර බස් රථයක් පෙරලේ..සිදුවූ දේ මෙන්න 




අනුරාධපුර බදුල්ල මාර්ගයේ කුඩාඔය පාලම අසලදී  බන්ධනාගාර බස් රථයක් පෙරලී තිබෙනවා.

බදුල්ල සිට අනුරාධපුර බන්ධනාගාරයට සැකකරුවෙකු භාරදී නැවත පැමිණෙමින් සිටියදී බදුල්ල බන්ධනාගාරයට අයත් බසයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අනතුරෙන් බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නවතා තිබූ බස්රථය එක්වරම පෙරලී ගොස් නියාමකවරයා එයට යටවී ඇති බවයි වාර්තා වන්නේ.