Thursday, September 26, 2024

General line - 0115112241

මෛත‍්‍රී පිලේ සිටි හිටපු ඇමතිවරයෙක් මහින්ද ලඟට යයි 




හිටපු අමාත්‍යවරයෙකු හා කුරුණෑගල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ද වූ ජයරත්න හේරත් ඒකාබද්ධ විපක්ෂයට සහය පළ කිරීමට අද (27) තීරණය කළා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කළ ඔහු පොල්ගහවෙල ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙසයි කටයුතු කළේ. 

ඒකාබද්ධ විපක්ෂය කුරුණෑගල අද සංවිධාන කළ රැලියකටද ඔහු සහභාගී වුණා.

ආණ්ඩුව කෙරෙහි ජනතාව අද කළකිරී ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා. 

ජයරත්න හේරත් හිටපු මන්ත‍්‍රීවරයා ඉකුත් ජනාධිපතිවරනයේදී සහාය පළ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටයි. 

මැතිවරණයෙන් පසුව ඔහු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කළා.