Thursday, September 26, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගයේදී ගල්රෝලක ගැටී සිවුදරු පියා මරුට (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




මාතර - මත්තල දක්වා ඉදිකෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගයෙහි ඉදිකිරීම් සිදුවන සූරියවැව අන්දරගස්වැව, සිනිමෝදරයාය ප්‍රදේශයේදී අධිවේගී මාර්ගයේ පස්තැලීම් සිදුකරන ගල්රෝලක ගැටීමෙන් එහි කම්කරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ සූරියවැව කදවුරු ප්‍රදේශයේ ජීවත්වූ කරුණාසේන ගමගේ සිරිසේන නමැති වයස අවුරුදු 58ක සිවුදරු පියෙක්.

මියගිය පුදගලයා සේවයේ යෙදී සිටින අතරතුරදී අසල තිබූ සවලක් ගැනීමට යාමේදී පස් තැලීමේ යන්ත්‍රයේ ගැටී සිරවීමෙන් බරපතල තුවාල ලබා සූරියවැව රෝහලට ගෙන යමින් සිටියදී මියගොස් තිබෙන බව සූරියවැව පොලිසිය පවසනවා.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පස් තැලීමේ යන්ත්‍රයේ රියදුරා හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇපමත නිදහස් කර තිබෙනවා.