Thursday, September 26, 2024

General line - 0115112241

අමෙරිකානු ඉහළ පෙලේ නිළධාරිණියක් ශ‍්‍රී ලංකාවට




අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර සහකාර ලේකම් ඇලිස් වෙල්ස් සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි. 

ඇය සැප්තැම්බර් පළමුවනදා මෙරටට පැමිණෙනු ඇති බවටයි වාර්තා වන්නේ. 

සිය සංචාරයේදී ශ‍්‍රී ලංකා රජයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමටද සහකාර ලේකම්වරිය අපේක්ෂා කරනවා.

එමෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන් හා ව්‍යාපාරික ප‍්‍රජාවද මුණගැසී සාකච්ඡා කිරීමටයි නියමිතව ඇත්තේ. 

ඇය සැප්තැම්බර් පළමුවනදා කොළඹ දී පැවැත්වෙන ඉන්දියානු සාගර සම්මන්ත‍්‍රණය අමතන බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.