Thursday, September 26, 2024

General line - 0115112241

20 වන සංශෝධනය ජනතා අයිතිය උදුරා ගන්නවා! එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියත් උල්ලංඝනය කරලා




20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රටට අහිතකර බලපෑම් සිදු වනු ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. දිගින් දිගටම ඡන්ද කල් දමමින් ඇති පසුබිමක මෙම සංශෝධනයත් සමග ජනතාවගේ ඡන්ද අයිතියට තවත් පහරක් එල්ල වනු ඇති බවයි ඔහු කියා සිටියේ. ඒ, නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින්.

පළාත් පාලන ඡන්ද යක් දමමින් සිටින ආණ්ඩුව, දැන් පළාත් සභා ඡන්දයද කල් දැමීමට මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුබිම සකසා ඇතැයි හිටපු අමාත්‍යවරයා පවසනවා. නිසි වෙලාවට ඡන්දය පැවැත්වීම එක්සත් ජාතීන් සංවිධානයේ විශ්ව ප්‍රඥප්තියෙන් පවා සහතික කර ඇතැයි ඔහු වැඩිචදුරටත් පවසනවා.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා දෙමළ ජාතික සන්ධානය සිය සහය පළ කිරීම ද ගැටළුවක් බවයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.