Thursday, September 26, 2024

General line - 0115112241

උදයංග වීරතුංගගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි




රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට එරෙහිව නිකුත් කර තිබු ජාත්‍යන්තර වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම කර තිබෙනවා. 

ඒ අනුව  ඔක්තෝබර් මස 19 වනදා එය සලකා බැලීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) දින නියම කළේ. 

මේ වනවිට තහනමට ලක්ව ඇති උදයංග විරතුංගගේ බැංකු ගිණුමේ මුදල් නිදහස් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද ඉදිරියේ දී දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම පෙත්සම උදයංග වීරතුංගගේ නැන්දණිය හරහා ගොනු කර ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.