Friday, September 20, 2024

General line - 0115112241

අගමැති යළි දිවයිනට




සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (19) රාති‍්‍රයේ යළි දිවයිනට පැමිණියා.

නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් අග‍්‍රාමාත්‍යවරයා යළි දිවයිනට පැමිණි බවයි.

පසුගිය 17 වනදා සිංගප්පූරුව බලා පිටත්ව ගිය රනිල් වික‍්‍රමසිංහ මහතා එරට ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වුවා.

ඉකුත් 18 සහ 19 දෙදින තුළ පැවති 3 වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ ආරම්භක සැසි වාරයට එක් වූ අග‍්‍රාමාත්‍යවරයා එහි මුඛ්‍ය දේශණය පැවැත්විමද විශේෂත්වයක්.