19 වරට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශණය සදහා අද (28) ගිවිසුම් අත්සන් කෙරුණා.
සැප්තැම්බර් මස 15 වනදා සිට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී මෙම ප‍්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.
ශ‍්‍රි ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය මෙය සංවිධාන කරනවා.
එහි සභාපති එච්. ඞී පේ‍්‍රමසිරි පැවසුවේ පරිසරය සුරැකීම පිළිබඳවද මෙවර ප‍්‍රදර්ශනයේදී විශේෂ වැදගත්කමක් ලබාදෙන බවයි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශණය සදහා මෙවර සකස් කෙරෙන ප‍්‍රදර්ශන කුටි ගණන 450 ට ආසන්නයි.
නව විශේෂාංග රැසක් සහිතව නෙත් එෆ් එම් රේඩියෝවේ ප‍්‍රදර්ශන කුටියක් ද ඒ අතර වනවා.
මෙම ප‍්‍රදර්ශණය සදහා නිල රේඩියෝ මධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ ද නෙත් එෆ් එම් රේඩියෝවයි. සම්පත් බැංකුව නිල බැංකු සහකරු වනවා.