Friday, September 20, 2024

General line - 0115112241

අලුත් ක‍්‍රමයේ ඡන්දයකට ශී‍්‍රලනිපය සූදානම්




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ නියෝජිත හමුවක් ඊයේ (19) රාති‍්‍රයේ පැවැත්වුණා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ පදනම් ආයතනයේදීයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්, අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු සහ පක්‍ෂ කි‍්‍රයාකාරිකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට සූදානම් වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වි තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ස්ථිර ලෙසම මීළග පළාත් පාලන ආයතන ඡන්දය ආසන ක‍්‍රමයට පවත්වන බවයි.

පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණයද ආසන ක‍්‍රමයට පැවැත්වීම සදහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව නව මැතිවරණ ක‍්‍රමය යටතේ මීළග පළාත් පාලන මැතිවරණයට සූදානම්වීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙනවා.