Thursday, September 19, 2024

General line - 0115112241

අත්අඩංගුවට ගන්න හදන ‘පොලිසියේ ‘ ලොකු ඔළු හතර



“සන්ඩේ ලීඩර්” ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරුණු පරික්‍ෂණ යට ගැසීම, සාක්‍ෂි විභාග කිරීම ඇතුළු චෝදනා කිහිපයක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් තිදෙනකු ඇතුළු සිව්දෙනකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස්‌ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසනවා.

අත්අඩංගුවට ගැනීමට නියමිත නිලධාරීන් අතර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු සහ හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු සිටින බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචිමාර්ග සඳහන් කළා.

ලසන්ත ඝාතන සිද්ධියට අදාළ පරික්‍ෂණ වාර්තා සැඟවීම, රහස්‍ය තොරතුරු අඩංගුව තිබූ ලසන්තගේ දින පොතක්‌ අස්‌ථානගත කිරීම සම්බන්ධයෙන් එම නිලධාරින්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ලසන්ත ඝාතනය සිදු වූ සමයේ අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළුන් 17 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් නොකර පොලිස්‌ ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන්ද එම නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.

එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් මේ වන විට අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයිද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග සඳහන් කළා.

(උපුටා ගැනීම දිවයින/හේමන්ත රන්දුණු)