බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිටගේ දඩ මුදල් ගෙවීමට මෙරට භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් වී සිටින බව මහචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.
උන්වහන්සේ කියා සිටියේ අදාළ දඩ මුදල රැස් කිරිම සඳහා ස්වාමින් වහන්සේලා දහස් නමක් පිණ්ඩපාතයේ වැඩීමට නියමිත බවයි.
කොළඹ පිටකොටුව පිහිටි සම්බුද්ධාලෝක විහාරයට ලබන 15 වැනි සිකුරාදා පෙරවරු 7.30ට භික්ෂුන් වහන්සේලා එක්රැස් වීමට නියමිතයි.
එදින පෙරවරු 8.00ට උන්වහන්සේලා පිණ්ඩපාතයේ වැඩීම ආරම්භ කරන බවයි මහචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් කියා සිටියේ.
16 හා 17 යන දිනයන්හිදී දිවයින පුරා භික්ෂුන් වහන්සේලා මෙලෙස පිණ්ඩපාතයේ වැඩඹ කරනු ඇති.
එහිදී එක්රැස් කළ මුදල් 18 වන දින කොළඹ සම්බුද්ධත්ව මන්දිරයට පැමිණ භාරදීමට නියමිත බවත් දිවයින පුරා බෙදාදී ඇති සිල් රෙදි එදින පෙරහැරකින් සම්බුද්ධත්ව මන්දිරයට භාර දීය හැකි බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.