Sunday, December 29, 2024

General line - 0115112241

ෆොන්සේකාගේ ප්‍රකාශයට ඊළාම් හිතවාදීන්ගේ ප්‍රසාදය

හේමන්ත කහවලගේ




මෙරට යුද අපරාධ සිදුවූ බවට හිටපු හමුදාපති ෆිල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ඉකුත් දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ට්‍රාන්සිෂනල් ගවර්න්මන්ට ඔෆ් ටැමිල් ඊලාම් නැමැති සංවිධානය ප්‍රසාදය පළ කර තිඛෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ වසර 08කට ආසන්න කාලයක් සැව තිබූ සිද්ධීන් රැසක් මෙම ප්‍රකාශය හරහා යළි මතුවන බවයි.

ට්‍රාන්සිෂනල් ගවර්න්මන්ට ඔෆ් ටැමිල් ඊලාම්  නැමැති සංවිධානය කැනඩාව ප්‍රමුඛ රටවල් කිහිපයක ක්‍රියාත්මක වන එල් ටී ටී ඊ හිතවාදී සංවිධානයක්.

ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදුවී නොමැති බව ලක් රජය සෑම අවස්ථාවකදීම පාහේ ප්‍රකාශ කර තිඛෙනවා.

එහෙත් හිටපු හමුදාපතිවරයෙකු එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීම කදිම සාක්ෂියක් බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.