පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්විමේ වගකීම ඇත්තේ විෂය භාර අමාත්‍යවරයාට බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (11) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
මැතිවරණය පැවැත්වීම සඳහා පනත් කිහිපයක් සංශෝධනය විය යුතු බවත්
ඒ සියල්ල ඔක්තෝම්බර් මස පළමු සතිය වන විට අවසන් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී කියා සිටියා.
කෙසේ වෙතත් පවතින තත්ත්වය යටතේ මේ වසරේ ඡන්දය පැවැත්වීමේ හැකියාව ඉතා අල්ප මට්ටමක පවතින බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.