Sunday, December 29, 2024

General line - 0115112241

රටින් පිටුවහල් කළ සිංහලයන් ජාතික විරුවන් කළ ගැසට් නිවේදනය මෙන්න




1818 ජාතික නිදහස් අරගලයට සම්බන්ධවීම හේතුවෙන් යුද්ධාධිකරණය මගින් මරණ දඬුවම් ලැබූ සහ රාජ්‍යද්‍රෝහින් ලෙස නම් කර රටින් පිටුවහල් කළ සිංහල නායකයන් 81 දෙනෙකු ජාතික වීරයන් බවට පත්කිරිමේ ගැසට් නිවේදනය ඊයේ (11) ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පසුගිය 6 වැනිදා ජනාධිපතිවරයා විසින් අත්සන් තැබූ මෙය අතිවිශේෂ ගැසට් පත්‍රයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ඒ අනුව ජාතික නිදහස් අරගලයට සම්බන්ධ වීම හේතුවෙන් යුද්ධාධිකරණය මගින් මරණ දඬුවම් නියම වූ රණවිරුවන්ගේ නම් 49ක් ඊට ඇතුළත්.

එකල රාජ්‍යද්‍රෝහින් ලෙස නම් කොට මුරුසි දිවයිනට පිටුවහල් කළ 32නෙකු වීරයන් ලෙසයි මෙහි නම් කර තිබෙන්නේ.

මොවුන් සියලු දෙනා දේශානුරාගයෙන් සටන් කිරීම නිසා රණශූරයන් ලෙස ද ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

 

ගැසට් නිවේදනය මෙතැනින් නරඹන්න.