Sunday, April 28, 2024

General line - 0115112241

ලන්ඩන් උමං දුම්රියේ පිපිරීමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට




ලන්ඩන් නුවර උමං දුම්රිය මැදිරියක ඊයේ (15) සිදුවූ පිපිරීමට සම්බන්ධ බවට සැකකෙරෙන 18 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙන්ට් ප්‍රාන්තයේ පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩෝවර් (Dover) වරාය ආශ්‍රිත ප්‍රදේශයක සිටියදීයි.

මෙම පුද්ගලයා මේ වනවිට කෙන්ට් පළාතේ පොලිස් ස්ථානයක රැඳවුම් භාරයට ගෙන තිබෙනවා.

මෙට්‍රොපොලිටන් පොලිසියේ නියෝජ්‍ය සහකාර කොමසාරිස් නීල් බාසු කියා සිටියේ මෙම අත්අඩංගුවට ගැනීම "සුවිශේෂී" වුවත් ත්‍රස්ත අවදානම තවමත් "ඉතා බරපතළ" මට්ටමක පවතින බැවින් ආරක්ෂිත විධි විධානවල කිසිදු අඩුවක් සිදු නොකරනු ඇති බවයි.

මෙම පිපිරීමෙන් පුද්ගලයින් තිස්දෙනෙක් තුවාල ලබා ඇති බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.